බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ අගමැති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – 70 වන ජාතික නිදහස් උලෙළේ ප්‍රධාන ආරාධිතයින් ලෙස දිවයිනට පැමිණි බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු, සොෆී කුමරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වුණි.

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු, සොෆී කුමරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීය.

ශ්‍රී ලංකාවේ 70 වන ජාතික නිදහස් උලෙළේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවයි එඩ්වඩ් කුමරු මෙහිදී ප්‍රකාශ කළේය.

මේ අතර එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර යෞවන තිළිණ ප්‍රදානෝත්සවය ද අරලියගහ මන්දිරයේදී ඊයේ(04) පැවැත්වුණි. එය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එඩ්වඩ් කුමරු, සොෆී කුමරියගේ ප්‍රධානත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + two =