ණය බරින් නිදහස් කළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රට ණය බරින් නිදහස් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුලියාපිටියේ පැවති ජනරැලියකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් ජන රැළිය සංවිධානය කර තිබුණි.

ජනරැළියට සහභාගි වු අග්‍රාමාත්‍යවරයා කුලියාපිටිය ජනතාව විසින් මහත් හරසරින් පිලිගනු ලැබීය. කුලියාපිටිය ජනරැළිය සංවිධාන කළේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේ පැවසීය,

“අද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා කොච්චර ද කිව්වොත් අද රූපවාහිනියක් අකමැති අපේ සෙනඟ පෙන්නන්න… පුවත්පත් අකමැති අපේ සෙනඟ පෙන්නන්න… අපි දැන් ගහනවා ගහනවා ගහනවා ගහන හැමදාම ඊළඟ දවසේ සෙනඟ වැඩි වෙනවා… දැන් මගේ ප්‍රශ්නේ ගහන්නේ නැති වුණොත් සෙනඟ අඩුවෙයි ද කියලා… අපේ දාඩිය මහන්සිය අපි දිවි පුජා කරපු නිසා තමයි මේ රටේ නිදහස තියෙන්නේ.. අපි ශ්‍රේෂාඨාධිකරණයට අත ගැහුවේ නෑ… ස්වාධීන කොමිෂන් ඇති කරා.. අළුත් මැතිවරණ ක්‍රමයක් ඇති කරා… ස්වාධීන මැතිවරණ භාර දුන්නා.. මේ රටේ හොරු අල්ලන එක පටන් ගත්තා… රාජපක්ෂට විරුද්ධව නඩු දාලා තියෙනවා.. උසාවිවලට ගිහිල්ලා තියෙනවා… අපේ කාලේ චෝදනත් අපි හොයාගෙන තියෙනවා.. බැඳුම්කරේ වාගේ… මොකක්වත් නවත්තලා නෑ… දැන් මිනිස්සු බයයි දූෂණයේ යෙදෙන්න… නැත්තම් අතීතයේ ඒවා හොයලා තමන්ගේ ඒවා තමන්ගේ කාලේ හොයන්නේ නෑ… දැන් දෙකම හොයනවා… මහින්ද රාජපක්ෂගේ කාලයේ අපනයන අඩුවෙලා තිබුණා.. ආයෝජනය අඩුවෙලා තිබුණා..

අපි කොහොම හරි 2017 වෙනකොට අපේ ආදායම වැඩි කරා… සමහර විට ජනප්‍රිය නොවන තීරණ ගන්න වුණා වැට් වැඩි කරා වගේ.. ඒත් අද අවුරුදු 66කට පස්සේ ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක් තියෙනවා.. අඩුගාණේ අපේ ආදායමෙන් රාජපක්ෂ ණය ගෙවන්න පුළුවන්.. දැන් අපි රට සංවර්ධනය කරලා ආර්ථිකය දියුණු කරන්න ඕනේ… ඉතුරු ණය ටික ගෙවන්න.. මොකද එක තීරණයක් අපි ගත්තා… මේ රටේ ණය ගෙවන එක අපි මේ කාලේ කරනවා… මං මේක කල්දාගෙන ගියා නම් ණය ගෙවන්න වෙන්නේ ඊළඟ පරම්පරාවට… වැඩිම මිල ණය ගෙවන්න තියෙන්නේ 2018, 2019, 2020… මං ඒක කල් දාන්නේ නෑ… කොච්චර අමාරුකම් තිබුණත් අපි ඒක ගෙවලා දාමු ඔයගොල්ලොන්ට හොඳ අනාගතයක් තියෙනවා… ඔයගොල්ලෝගේ දරුවෝ අවාම වැඩිපුර ණය ගෙවන්ට උවමනා නෑ…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *