චීන විශේෂ නියෝජිත පිරිස අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –චීන විශේෂ නියෝජිත පිරිසක් ඊයේ (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එම අවස්ථාවට මහජන චීන දේශපාලන උපදේශක සම්මේලනයේ උප සභාපති වන් කින්මින් (H.E Mr. Wang Qinmin), ශ්‍රී ලංකාවේ චීන තානාපති, චෙන් සුයියුවැන් (H.E. Cheng Xueyuan) චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මාඕ නින් (Mrs. Mao Ning), චීනයේ විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ආසියානු කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව, තෙවැනි ලේකම් සැන් සෝන් (Mr. Zhang Song), යන මහත්ම මහත්මීන් ඇතුළු දූත පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *