බැඳුම්කර විවාදයට අද පාර්ලිමේන්තුව රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ මහා පරිමාණ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය අද (06) පෙරවරු 10.30 සිට පස්වරු 4 දක්වා පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ ලේඛන හා ඇමුණුම් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කතානායවරයා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාට දැනුම් දී තිබේ.

ලබන 21 සහ 22 දිනවලත් කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වීමට ඊයේ පැවති පක්‍ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two − 2 =