මන්නාරම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ සාමය හා සංහිඳියාව ගොඩනැගී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ හමුවකට එක් වෙමින් ඊයේ (05) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මේ වසරේදී ශිලාවතුර ප්‍රදේශය සංවර්ධනය කරන බවත් එම ප්‍රදේශයෙන් පලවා හැරුණු ජනතාව යලි පදිංචි කරන බවත් අගමැතිතුමා පැවසීය.

මල්වතු ඔය හරහා වවුනියාවට හා මන්නාරමට ජලය ලබාදෙන බවත් අගමැතිවරයා මෙහිදී කියා සිටියේය. අමාත්‍ය රිෂාද් බදුයිදීන් අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *