යොවුන් සේනාංක සරඹ තරඟාවලිය සාර්ථකව පැවැත්වේ

(කොළඹ, ලංකාපුවත්) –  සරඹ සහ විනය යොවුන් සේනාංකය ආරම්භයේ සිට පැවත එන දෙයක් බවත්, පුහුණු ලාභී දුවා දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අනාගතයේ දී දෙපයින් සිට ගැනීමට වාරුව මෙයින් ලැබෙන බවත් ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඉඳුනිල් ද සිල්වා පැවසීය. මොහු මේ බව පවසා සිටියේ පසුගියදා පැවති ජාතික යොවුන් සේනාංක සරඹ තරඟාවලිය සඳහා සහභාගී වෙමිනි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික යොවුන් සේනාංකයේ සරඹ තරඟාවලිය පසුගිය 2018 ජනවාරි මස 29, 30 හා 01 යන දිනයන්හී දී පැවැත්විණ. දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 47 නියෝජනය කරමින් යෞවන යෞවනියන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 47ක්, දිවයින පුරා ස්ථාන 07 ක දී තරඟාවලිය සඳහා සහභාගි විය.
අනුරාධපුර, කොළඹ, ත්‍රිකුණාමලය, කුරුණෑගල, හම්බන්තොට, බූස්ස හා නුවර ආදී ස්ථාන වල දී මෙම තරඟ පැවැත්වෙන අතර, අවසන් මහා තරඟය පසුගිය පෙබරවාරි 01 වන දා මෝදර, රොක්හවුස් හී දී පැවැත්වූ අතර, පළාත් වලින් තෝරා ගත් ජයග්‍රාහී කණ්ඩායම් 07ක් මේ සඳහා සහභාගී වූහ. ජාතික යොවුන් සේනාංකයේ දැනට පුහුණුව ලබන යෞවන යෞවනියන්ගේ පුද්ගලික සරඹ තුළින් විනය හා සාමුහිකව වැඩ කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය වූ අතර, පුහුණු මධ්‍යස්ථානයේ සරඹ උපදේශකවරයාගේ මූලිකත්වයෙන් මෙහි සියලු පුහුණුවීම් කටයුතු සිදු කරන ලදී.
ලබා ගත් ජයග්‍රහණ
01 වන ස්ථානය – බුලත්සිංහල යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය
02 වන ස්ථානය – කුලියාපිටිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය
03 වන ස්ථානය – නාවුල යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය
විශිෂ්ඨතම අණදෙන්නා එස්.එම්.ඩබ්.සී. සූරියබණ්ඩාර
සරඹ උපදේශක – මහියංගනය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය
අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියේ, අද දින පවත්වන ලද සරඹ සංදර්ශනය සහ තූර්ය වාදක සංදර්ශනය ඉතා අගය කොට සළකන බවය. ජාතික යොවුන් සේනාංකය යනුවෙන් හැඳින්වෙන්නේ දිවයිනේ මධ්‍යස්ථාන 50ක් ආරම්භ කරලා එහි පුහුණුව ලබන දුවා දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අනාගතයේ දෙපයින් සිට ගන්නට, ඔවුන්ව ඉදිරි අනාගතයට මුහුණ දෙන්න අවස්ථාව සළසා දෙන්න පුහුණු කරන ප්‍රධාන ආයතනය ජාතික යොවුන් සේනාංකය බවයි. මෙහි ආරම්භයේ පටන්ම (2002 වර්ෂයේ) මුල් තැන දීපු දෙයක් තමයි සරඹ සහ විනය කියන්නේ. ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණයෙ, දෙමළ වැනි තවත් විෂයන් වලට අමතරව ප්‍රධාන තැනක් ගත්ත දෙයක් තමයි සරඹ සහ විනය. ලංකාව පුරා පවත්වාගෙන යන මධ්‍යස්ථාන සියල්ලෙන් සරඹ තරඟයක් පවත්වා අවසන් වටයට තෙරුණු කණ්ඩායම් 07 ප්‍රධාන කණ්ඩායම් 07 ක් බවට පත් වී  ඇත. එයින් ජයග්‍රහණය කළ ඔබ සැමට ආත්ඹ ශක්තිය ඔබගේ ජීවිතයේ පැවැත්ම හැඬගස්වන බව නිසැකය. මේ සම්බන්ධයෙන් උපකාර කළ ශ්‍රී.ලං. යුද හමුදාවේ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන්.යූ.එම් මහේෂ් සේනානායකටත්, එමෙන් ම දිවයින පුරා අදාළ මධ්‍යස්ථාන 07ක මෙම පරීක්ෂණය පැවැත්වීමට කටයුතු සූදානම් කර දුන් සියලු දෙනාටත්, එම පරීක්ෂණ මණ්ඩල වලටත් මගේ ස්තුතිය පුද කරනවා. අවසන් තරඟයට පැමිණි කණ්ඩායම් 07 විශේෂත්ව පරීක්ෂණයට ලක් කළ රොක් හවුස් හි ලුතිනන් කර්නල් එල්.කේ.ටී තුෂාර ප්‍රනාන්දු ඇතුළු සියලු දෙනාට කෘතඥතාවය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නා අතර, මෙයින් ආරම්භ වන සරඹ තරඟාවලිය වසරක් පාසා මින් අනතුරුව පැවැත්වෙන බවත්, විනය සහ කැපවීම එයින් පිළිබිඹු වන ආකාරයෙන් පැවැත්වීමට ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *