අවසන් ජනරැලි හෙට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්‍ෂ පවත්වන සියලුම ප්‍රචාරක රැස්‌වීම් හෙට (07) රාත්‍රියෙන් අවසන් කරනු ඇත.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ එම පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් ජන රැලිය ගාල්ලේ සමනළ ක්‍රීඩාංගණයේදී හා අකුරැස්‌සේදී පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එම පක්‍ෂ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් හෙට දින අවසන් ජන රැලි ග්‍රෑන්ඩ්පාස්‌ හිදී පවත්වනු ඇත.

ඊට අමතරව හෙට දින එම පක්‍ෂය මාතර, ගාල්ල, කළුතර යන දිස්‌ත්‍රික්‌කවලද අවසන් මහ රැලි පැවැත්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ එම පක්‍ෂ ප්‍රධානීන් හෙට දින සිය අවසන් ජන රැලිය කුරුණෑගලදී පවත්වන අතර ඊට පෙර හෝමාගම දී ද ප්‍රචාරක රැලියක්‌ පවත්වනු ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් මහා රැලිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ සහ එම පක්‍ෂ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මහරගමදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *