බ්‍රිගේඩියර්වරයා ජනපති නියෝග මත යළි සේවයේ පිහිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත්දා ලන්ඩන් නුවරදී, එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ෆර්නෑන්ඩු මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝග මත යළි ස්ථාපිත කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ස්වල්ප මොහොතකට පෙර යුධ හමුදාපතිවරයාව දැනුවත් කළ අතර, එකී රණවිරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලක් රජය සෑම පියවරක්ම ගත යුතු බව ජනාධිපතිතුමා මෙහිදී නියෝග නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =