මනාපය ඉල්ලා අද රාත්‍රියෙන් පසු නිවෙස්වලට යාම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – අද(07) මධ්‍යම රාත්‍රී 12න් පසුව ඡන්ද ඉල්ලා නිවසින් නිවසට යාම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මෙම නීතිය ලබන 11වනදා දක්වාම ක්‍රියාත්මක ය. මෙම කාලය තුළ එවැනි ක්‍රියාවන් සිදු නොකරණ ලෙස සියලුම අපේක්‍ෂකයන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරනු ලැබේ.

එවැනි ක්‍රියාවල නිරතවන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

මේ අතර ඡන්ද මධ්‍යස්ථානවලට හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණිය හොත් එම අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ. තවද මෙවැනි පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථනයට හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අපේක්ෂකයකු විසින් රැගෙන එන්නේ නම් එම අපේක්ෂකයන්ට එරෙහිව අනුබල දීමේ වරදට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කළේය.

පොලිසිය පවසන අන්දමට මෙවැනි වරදකට යම් අපේක්ෂකයකු වැරදිකරුවෙකු වුවහොත් ආසනය දිනා සිටිය ද පසුව ආසනය අහිමි වීමට ඉඩ ඇත.

මේ සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බවත් දැඩි විමසිල්ලෙන් සිටින බවත් වීමත්ව ඡන්ද මධ්‍යස්ථානය වෙත හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණීම සපුරා තහනම් බවද පොලීසිය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − thirteen =