මැතිවරණය වෙනුවෙන් අද සිට විශේෂ බස් සේවා

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද (07) පස්වරුවේ සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරයි.

ඒ සඳහා අතිරේක බස් රථ 150ක් යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරි ආර්. ටී. චන්ද්‍රසිරි මහතා පැවසීය.

මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාව සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මේ වන විට බස් රථ 1000 කට ආසන්න ප්‍රමාණයක් ඇණවුම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

එසේම පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ලබන 11 සහ 12 යන දෙදින අතිරේක බස් සේවා ක්‍රියාත්මක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 3 =