රට හරහා දිවීමේ තරගය ලබන 18 වනදා

(කොළඹ, ලංකාපුවත්) – 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගය ලබන 18 වනදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැළසුම්කර තිබේ.

පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙකු ඊට එක්වීමට නියමිතය.

තරගය මෙවර ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ නුවරඑළිය ගොල්ෆ් පිටිය අසලදී.

පෙරවරු 8.30ට තරගය ආරම්භවීමට නියමිතය. ජය සංකේත ප්‍රදානය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනම පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =