හැදුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය කඩිනම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැදුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය කඩිනම් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එළඹෙන පළාත් පාලන මැතිවර්නයේ දී ඡන්දදයකයින්ට ඡන්දය පාවිච්චි කිරීමට අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා දැනට මැතිවරණ කොමිෂන් සභාව අනන්‍යතා පත්‍ර හතක ලේඛනයක් ඉදිරිපත් කර තිබෙන බව පුද්ගලයින් ලියපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

මින් ප්‍රධාන තැනක් ගන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජතික හැදුනුම්පතය. මෙම මැතිවරණය නිසා දෙපාර්තමේන්තුවට ලැබෙන ඉල්ලුම්පත්‍ර වැඩි වී තිබේ. දෛනිකව හැදුනුම්පත් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නිකුත් කෙරේ. සාමාන්‍ය සේවය යටතේ සෑම දිනකම 3000ක් පමණ නිකුත් කරනු ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජතික හැදුනුම්පත ලබාදීම සඳහා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ, අවශ්‍ය පහසුකම් සියල්ල සළසා තිබේ.

වැඩිවන ඉල්ලුම සඳහා අතිරේක කාර්ය මණ්ඩලය යොදවලා, දෛනිකව දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන සියලු අයදුම්කරුවන් සඳහා ඉතාම පහසුවෙන් ඔවුන්ගේ හැදුනුම්පත ලබාගැනීමේ වැඩපිළිවෙල සකස් කර ඇත. එම අවශ්‍යතාවයට සරිලන ලෙස දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියාවලිය සකස් කර කඩිනමින් හැදුනුම්පත් නිකුත් කරන ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක කරමින් පවතින බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *