බංග්ලාදේශය සමඟ විස්සයි විස්ස සංචිතය නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් යුත් පන්දුවාර විස්ස තරඟාවලිය සඳහා 15දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත.

අබාධයක් හේතුවෙන් මෙම තරඟාවලිය සඳහා සහභාගී නොවන ඇන්ජලො මැතිව්ස් වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල් හටය.

වසර තුනකට පමණ පසු තුන්ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්(35) නැවතත් විස්සයි විස්ස සංචිතයට කැඳවීමද විශේෂත්වයකි. නවක ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු, ෂෙහාන් මදුසංඛ හා අමිල අපොන්සුද ශ්‍රී ලංකා පිළට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා සංචිතය:

දිනේෂ චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මදුෂංඛ, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *