බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස නම් කර තිබේ.

දැනට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ඔහු ලබන 15 වනදා දෙදිනනිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස රනිල් ජයවර්ධන මහතා ඊයේ (07) පත්වීම් ලැබීය.

ඔහු සිය ශ්‍රී ලංකා සංචාරයේදී ලංකාව සහ බි‍්‍රතාන්‍යය අතර වෙළඳාම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙරට රජයේ ඉහළ පෙළේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරනු ලැබේ.

ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන බි‍්‍රතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලමේන්තු කණ්ඩායම් සභාපතිත්වයද උසුලනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + five =