වොල්බැකියා මගින් ඩෙංගු මර්දනයට අදාල ගිවිසුමට අත්සන් තැබේ

(කොළඹ, ලංකාපුවත්) –වොල්බැකියා බැක්ටීරියා මගින් ඩෙංගු මර්දනයට අදාල ගිවිසුමකට අත්සන් තැබේ.

වොල්බැකියා බැක්ටීරියා මගින් ඩෙංගු මර්දනයට අදාල ව්‍යාපෘතිය දියත් කරනු ලබනුයේ ඕස්ට්‍රේලියාවේ මෝස් විශ්වවිද්‍යාලයේ ද සහාය ඇතිවය. ඊට අදාල ගිවිසුමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (07)අත්සන් කෙරුණි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාස මහතා සහ ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් බ්‍රයිස් හච්සන් මහතා ඊට අත්සන් තැබීය.

අනතුරුව මාධ්‍ය හමුවක් ද පැවැත්වුණි.

එහිදී ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කළේ වොල්බැකියා නැමැති බැක්ටීරියාවක් යොදාගනිමින් ඩෙංගු මදුරුවා මර්ධනය කිරීමට මෙමගින් අපේක්ෂා කරන බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − fifteen =