සතියක් යනතුරු පෙළපාළි රැස්වීම් බෑ

(කොළඹ, ලංකාපුවත්) – සතියක් යනතුරු පෙළපාලි සහ රැළි පැවැත්වීමෙන් වළකින ලෙස පොලීසිය දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

පෙළපාළි අදිය පැවැත්වු වහොත් ඒවා වීඩියෝගත කරන ලෙස ත් ඒවාට සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් සෑම පොලිස් ස්ථානයකට ම දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සාමකාමී තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලීමක් ‍කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණයට අදාළව බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර සාමකාමී පරිසරයක් ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග‍ ගන්නා ලෙස දිවයිනේ සියලුම් පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − nine =