ඉදිරි දිනවලදී රට තුළ දැනෙන වෙනසක් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරි දිනවලදී ඉතාම පැහැදිලි කඩිනම්ව දැනෙන වෙනසක් රට තුළ සිදුකරන බව ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රකාශ කරති.

ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරයාට තිබෙන බලතල සම්බන්ධයෙන් තමන්ට තීන්දු කළ නොහැකි බවද ඔවුහු පැවසූහ.

ඊයේ (11) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *