නව පළාත් පාලන ආයතන ලබන මස පළමු සතියේ කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – නව පළාත් පාලන ආයතන ලබන මස පළමු සතියේ කැඳවන බව පළාත් පාලන අමාත්‍යාශය සදහන් කරයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසීය.

නව පළාත් පලාන අයතන සම්බන්ධයෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමටද අමාත්‍යංශය සැළසුම් කර තිබේ.

පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා මේ පිළිබඳ මෙලෙස පැහැදිලි කළේය,

අලුතින් තේරී පත් වූ සභිකයන් පලාත් පාලන ආයතනවල සංස්ථාපනය කිරීමේ කටයුතු ඊළඟට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා …ඒ සඳහා අපි දැනටමත් නිකුත් කර තිබෙන ගැස්ට් නිවේදනයේ පෙබරවාරි මාසයේ 15වෙනිදින යොදලා තිබුණත් ගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාත් සමඟත් සාකච්ඡා කරලා , විශේෂයෙන්ම කාන්තා නියෝජනය සහ සමානුපාතික නියෝජනයෙන් පත් වුණු මන්ත්‍රීවරුන් ඒ ඒ පක්ෂවලින් නම් කළ යුතු නිසා ඒ අයගේ නම් ලබා ගැනීමට කාලයක් අවශ්‍ය වන නිසා අපි මාර්තු මස පළවෙනි සතියේදී පළවෙනි සතියේදී පලාත් සභා සහ පලාත් පාලන ගරු ඇමති තුමා විසින් ඒ ගැසට් නිවේදනය දික් කිරීමට දැනට කටයුතු කරගෙන යනවා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *