ගණිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනයට වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ජ්‍යාමිතිය සම්බන්ධව ගණිත ගුරුවරුන්ගේ හා විෂය හදාරන සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් කතිකාවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධාන කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කරනු ලැබේ.

තර්කානුකූලව සිතීම, විද්‍යාත්මකව දැකීම සහ ගැටලු විසඳීමේ කුසලතා සංවර්ධනය කිරීමට ගණිත විෂය තුළ අන්තර්ගත ජ්‍යාමිතිය ඉවහල් වේ. නමුත් පසුගිය වසර කිහිපයක සිට අපොස සා පෙළ ගණිත විෂය ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය ආශ්‍රිත ගැටලුවලට පිළිතුරු සැපයීමට තෝරා ගැනීම ඉතා අවම මට්ටමක පැවති බව විභාග දෙපාර්තමේන්තු ඇගයීම් වාර්තා පෙන්වා දෙයි.

සපයා තිබූ පිළිතුරු ද අපේක්‍ෂිත මට්ටමක නොතිබූ බව එම වාර්තා අනුව පෙනී ගොස් ඇත.

පවතින තත්ත්වයට විසඳුමක් ලබාදෙමින් පැවැත්වෙන මෙම අධ්‍යාපන සංවර්ධන කතිකාව හෙට(14) පෙරවරු නවයේ සිට කොළඹ හත ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *