පුංචි ඡන්දයෙන් තේරීපත්වූවන්ට කථානායකගෙන් උපදෙසක්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණ නිදහස් හා සාධාරණ සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පැවැත්වීමට හැකිවීම. ප්‍රජාතන්ත්‍රවාදයේ ලද ජයග්‍රහණයක් බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

මෙවර මැතිවරණය, බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැනි වචන අසන්නට නොලැබුණු බවත් මෙම කටයුත්ත සඳහා පුරෝගාමී වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට හා රාජ්‍ය නිලධාරීන්ටද, පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සන්නද්ධ සේවාවන්හි නිලධාරීන්ටද, සියලුම දේශීය හා විදේශීය මැතිවරණ නිරික්ෂණ සංවිධාන නියෝජිතයන්ටද කථානායක වරයා විසින් ස්තුතිය පල කර තිබේ.

ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් ජනතාව වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි කථානායක වරයා විසින් පත්වු ජනතා නියෝජිතයන්ට සුබපැතුම් එක්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =