ඡන්ද දිනවලදී ලංගමයට රුපියල් මිලියන 80ක ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ අවසන් දින කිහිපය තුළ සාමාන්‍යසේවා සැපයිීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 80 ක ආදායමක් උපයා ඇතැයි එම මණ්ඩලයේ ධාවන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ ලබාදීම වෙනුවෙන් අය විය යුතු ගාස්තුව ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමිසම මගින් ලබාදෙනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *