වැලිකඩ රැඳවියන් 400ක් අඟුණකොලපැලැස්සට

(කොළඹ, ලංකාපුවත්) – වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 400 දෙනෙකු අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ලබන මාසය තුළ දී ඔවුන් එලෙස මාරු කර යැවීමට නියමිතය.

වැලිකඩ බන්ධනාගාරය තුළ මේ වන විට දැඩි තදබදයක් පවති.

අලුතින් ඉදි කළ අඟුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 1200 දෙනෙකුට පමණ පහසුකම් සලසා තිබේ.

තංගල්ල බන්ධනාගාරය වසා දමා මේ වන විට එහි රැඳවියන් ද අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *