මුහුදු කූඩැල්ලන් තොගයක් සමග ඉන්දීය ජාතකයින් තිදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නොරොච්චෝල, කරඹ ප්‍රදේශයේ කලපුව අසල නිවසක ගබඩාකර තිබූ වියළන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 688ක් සමග ඉන්දීය ජාතකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෙම මුහුදු කූඩැල්ලන් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරක් පමණ වන බවයි පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29, 48 සහ 56 යන වයස්වල පසුවන්නන් වේ.

සැකකරුවන් සන්තකයේ තිබී යළන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 688ක් (පාර්සල් 31ක්), වියළන ලද මෝර වරල් කිලෝග්‍රෑම් 625ක් සහ හදුනා නොගත් සත්ව කොටස් කිලෝග්‍රෑම් 10ක් සොයාගෙන තිබේ.

ඔවුන් අද (14) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *