විජය ඝාතනය කර අදට වසර 30 යි

(කොළඹ, ලංකාපුවත්) – විජය කුමාරණතුංග නම් සොදුරු රංගන ශිල්පියා, මානව හිතවාදියා ඝාතරනය කර අදට(16) වසර 30ක් සපිරේ.

මෙරට දේශපාලන ඉතිහාසයේ අඳුරුම අඟහරුවාදා උදා වූයේ 1988 පෙබරවාරි 16 වනදාය. ඒ ටී 56 ගිනි අවියකින් විජය කුමාරණතුංග නම් මානව හිතවාදියාට වෙඩි තබා මරා දැමූ දිනය වේ.

විජය කුමාරතුංග මහතාගේ 30 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ(15) පැවැත්වුණි.

එහිදී ධම්මික ජයරත්න විසින් රචිත ආදරණීය විජයගේ අදහස් අද සමාජයට නම් කෘතිය හා සංයුක්ත තැටිය එළි දැක්වනු ලැබීය. එම අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක හා සරත් අමුණුගම යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙය සංවිධානය කළේ ජාතික මහජන සහෘද සංගමය විසිනි.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය,

” මිනිස් ඉතිහාසය පුරාම අපිට දකින්නට තියනවා විටින් විට අසාමාන්‍ය මිනිසුන් ලෝකයේ බිහිවෙලා තියනවා..ඔවුන් ඒ යුගයේ පිළිගත් සම්ප්‍රදායන් ,දර්ශනයන්ට එහාගොස් ලෝකයට මිනිසාට අලුත් දර්ශනයන් ප්‍රකාශ කරන මිනිසුන්..විජේකුමාරතුංගයන් ඒ ආකාරයේ එවැනි පුද්ගලයෙක් ලෙස මා සඳහන් කෙරුවොත් මං හිතන්නේ එය නිවැරැදියි ..ඒ වෙලාවේ යටපත් කිරීම සඳහා එතුමා ඝාතනය කෙරුවත් මම හිතන්නේ අවුරුදු 30කට පසුව හරි විජේ එදා ඉදිරිපත් කරපු දර්ශනය සටන් කරපු දර්ශනය ,එතුමට දිවිපුදන්නටවූ ඒ දර්ශනය අද කවදාවටත් වැඩිය අප රටේ ශක්තිමත් ලෙස ස්ථාපිත වෙමින් පවතිනවා කියලා මට කියන්න පුලුවන්..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *