ළමයින් යොදවා මුදල් එකතු කරනවා නම් දැන්ම කියන්න

(කොළඹ, ලංකාපුවත්) – මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින් යොදවන පාර්ශව සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් තෝරාගත් ප්‍රදේශ ආශ්‍රිතව යෙදවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇතැයි එම අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය කියා සිටියාය‍.

දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට වුවද ළමයින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් යෙදවිය නොහැකි බව අධිකාරිය අවධාරණය කරනු ලැබේ.

නමුත් ඇතැම් ස්ථානවල ළමයින් පෙන්වමින් ඔවුන්ට දරුණු අසනීප තත්වයන් පවතින බව සදහන් කර මුදල් එක්රැස් කිරීම් සිදුවන බවට වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සදහන් කළේය‍

ඒ අනුව එම සිද්ධීන් පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යෙදවීමට පියවර ගත් බව නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය කියා පැවසුවාය.

එවැනි සිදුවීම්වලට අදාළ තොරතුරු 1929 යන දුරකථන අංකයට හෝ ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙස ද ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය ඉල්ලීමක් කර සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *