අනතුරට පත් ඉරාන ගුවන් යානයේ 66 දෙනාම ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම ඉරානයේ කදු වැටියක ගැටී අනතුරට පත් ඉරාන ගුවන් යානයේ කිසිවෙකුටත් දිවි බේරා ගැනීමට නොහැකි වී ඇතැයි විදෙස් වාර්තා සදහන් කර ඇත.

ගුවන් යානයේ පියාසර කරමින් සිටි 66 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ගුවන් යානය අයත් අසෙමාන් ගුවන් සේවාව සදහන් කර තිබේ.

ඉරානයේ නිරිත දිග ප්‍රදේශයේ යසොජ් නගරයේ සිට ටෙහෙරාන් දක්වා පියාසර කරමින් සිටින අතරතුර දී මෙම අනතුර සිදුව තිබුණි.

රතු අඩ සඳ ව්‍යාපාරයේ සහන කණ්ඩායම් සහන සේවා කටයුතුවල නිරතව සිටි. ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය නිසා පුද්ගලයන් සෙවීමේ කටයුතු අපහසු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනු ලැ‍බේ.

හෙලිකොප්ටර් යානා මගින් සහන කණ්ඩායම් අදාල ස්ථානයට ළඟාවීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × five =