උදෑසන හා රාත්‍රීකාලවල ශීත කාලගුණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ පළාත්වල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එසේම බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් අපේක්‍ෂා කරනු ලැබේ.

කෙසේ නමුත් සවස 2.00න් පසු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ද බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *