ශ්‍රී පාද වන්දනාකරුවන්ට කල් ඉකුත් වූ පැණි බීම විකුණලා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී පාදස්ථාන වන්දනාකරුවන්ට කල් ඉකුත් වූ පැණි බීම අලෙවි කල ව්‍යාපාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑලිය දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ලැබුනු තොරතුරුකට අනුව නල්ලතන්නිය ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත. එහිදි පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ පැණිබීම අලෙවි කරමින් සිටි ව්‍යාපාරිකයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොවුන් සතුව තිබී කල් ඉකුත් වූ පැණි බීම බෝතල් 96ක් නිලධාරීන් භාරයට ගෙන ඇතැයි සදහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 4 =