ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලියත් දිනයි

(කොළඹ, ලංකාපුවත්) – සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර ඊයේ(18) පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන්ද ලකුණු 75ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව විස්සයි20 තරගාවලියද 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 210/4ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 135/10 පමණි.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *