වත්මන් දේශපාලන තත්ත්වය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද(19) පස්වරු 4.00 සිට 7.00 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවය.

ඒ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් සහිතව යෝජනාවක්ද අද(19) දිනයේ කථානායකවරයා වෙත බාර දී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *