අබුඩාබි සුරක්ෂාගාරයේ සිටින රැඳවූවන් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – අබුඩාබි සුරක්ෂාගාරයේ සිටින රැඳවූවන් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

අබුඩාබියේ සංචාරයක නිරතවූ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සුරක්ෂාගාර රැඳවූවන්ගේ සුවදුක් සොයා බැලූ අතර ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු කරන ලදි.

එරට රැකියාවලට ගොස් විවිධ කරදරවලට මුහුණ පෑ අය මෙම මධ්‍යස්ථානයේ රඳවා සිටි. ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍යවරිය අදාල අංශ වෙත උපදෙස් ලබාදුන්නාය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයක් ලෙස අවශ්‍ය උපරිම මැදහත්වීමෙන් කටයුතු කරන බවද අමාත්ය තලතා අතුකෝරල මහත්මිය වැඩිදුරටත් කියාසිටියාය.

නිවැරදි ක්‍රමවේදයන්ට අනුව විදෙස් ගතවීමට කටයුතු කරන ලෙසද ඇය මෙරට ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =