කොළඹ වරායේ ප්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවේ කැපී පෙනෙන වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ ප්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය 20.4%ක වර්ධනයක් බවයි එම අධිකාරිය පෙන්වා දෙයි.

පසුගිය වසරේ ජනවාරි මස ප්‍රතිනැව්ගත බහලු මෙහෙයුම් තුන්ලක්ෂ හැටදෙදහස් හාරසිය පනස් එකක් මෙහෙයුම්කර ඇත. මෙම වසරේ ජනවාරි මස වනවිට එය මෙහෙයුම් හාරලක්ෂ තිස්හයදහස් තුන්සිය තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජය බහලු පර්යන්තය පසුගිය වසරේ ජනවාරි මස ප්‍රතිනැව්ගත බහලු මෙහෙයුම් එක්ලක්ෂ දාහතරදහස් දෙසිය අසූදෙකක් සිදුකළ අතර එය මෙම වසරේ ජනවාරි මස වනවිට එක්ලක්ෂ හැටහතරදහස් දෙසිය පනස්දෙකක් බවට පත්ව තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස 43.7%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ. පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මස කොළඹ වරායට නෞකා පැමිණීමේ ද වර්ධනයක් පෙන්නුම් කරනවා.

කොළඹ වරාය බහලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹෙමින් එම මෙහෙයුම් මිලියන 6.2ක සීමාව ඉක්මවීමට පසුගිය දෙසැම්බර් මස සමත්විය. එය 2016 වසර හා සසඳනවිට 8.3%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *