ඉන්දීය ආයෝජනයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරිම අද

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාතේ රෝහල්වල රෝගීන් සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන රෙදි ස්වයංක්‍රීය යන්ත්‍ර සුත්‍ර මගින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඉන්දීය සමාගමක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, ආයෝජන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 7.5 ක් වේ.

මෙතෙක් කල් රෝහල්වල රෝගීන් සහ ශල්‍ය කර්ම සඳහා භාවිත කරන රෙදි පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලැබුයේ විවිධ ක්‍රම මගිනි. නව තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම ව්‍යාපෘතිය අනෙතුත් රෝහල්වල ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =