දියතලාවේ පිපිරුම ගැන නිලධාරි කණ්ඩායමක් විමර්ශනයක

(කොළඹ, ලංකාපුවත්) – දියතලාවේ කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් තුළ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් නිලධාරි කණ්ඩායමක් විමර්ශනය සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සහ නිලධාරි කණ්ඩයමක් විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශනය සිදු කර ඇත.

විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂක පොලිස් නිලධාරීන්ගේ සහාය ද පරීක්ෂණ සඳහා ලැබී තිබේ.

මූලික විමර්ශනවලට අදාළව හා සටහන් කර ඇති ප්‍රකාශ අනුව මේ වනවිට අනාවරණය වූ කරුණු අනුව ජීව අත්බෝම්බයක් පුපුරා යාමෙන් මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *