නවාස් ෂරීෆ් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට තීන්දුවක්

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබේ.

දූෂණ චෝදනා හේතුවෙන් පසුගිය වසරේ දී ඔහුට අගමැති ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්‍ෂේප කර සිටි.

අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමග ෂරීෆ්ට තවදුරටත් පී එම් එල් එන් පක්ෂයේ නායකත්වය දැරිය නොහැකි බව අධිකරණය සඳහන් කර ඇත. ඒ අනුව පසුගිය කාලයේ ඔහු ලබාදුන් තීන්දු සහ තීරණ අවලංගු වේ. තවද සති දෙකකින් පැවැත්වෙන සෙනෙට් මැතිවරණයට ඔහු ලබාදුන් නාම යෝජනා අවලංගු වන බව ද සඳහන් වේ.

නවාස් ෂරීෆ්ගේ පක්ෂ නායකත්වය සියලුම නිල ලේඛනවලින් ඉවත් කිරීමට එරට මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දී ඇති බව අගවිනිසුරු සකීබ් නිසාර් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *