උඩවළව ජාතික උද්‍යානයෙන් 2017 දී මිලියන 358කට අධික ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) –2017 වසරේ උඩවළව ජාතික වන උද්‍යානයට සංචාරකයින් 236,867කට අධික පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 358.44කට වැඩි ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට දේශීය සංචාරකයින් 121,978ක් පැමිණ ඇති අතර ඒ හරහා මිලියන 6.44ක ආදායමක් උපයාගෙන ඇත.

එමෙන් ම එම වසරේ දී විදේශීය සංචාරකයින් 114.889ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් මිලියන 211.51ක ආදායමක් උපයාගෙන තිබේ.

සංචාරක පැමිණීමට අමතර ව රුපියල් මිලියන 140.49ක ආදායමක් ද උපයාගෙන ඇතැයි ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *