දකුණු ඉන්දීය සුපිරි නළු කමල් හසන් දේශපාලනයට

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ඉන්දීය සුපිරි නළු කමල් හසන් තමිල්නාඩු ප්‍රාන්තයෙන් දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇත.

මේවන විට හැට දෙවන වියේ පසුවන ඔහු තමා දේශපාලනයට පිවිසෙන බව පසුගිය දා මදුරෙයිහදී නිල වශයන් ප්‍රකාශ කර සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කමල් හසන් තමිල් නාඩුවේ දකුණු දිග ප්‍රදේශය නියෝජනය කිරීමට බලාපොරොත්තු වේ.

සුපිරි නළු රජිනිකාන්ත් ද නව දේශපලන පක්ෂයක් සමඟ 2021 වසරේදී දේශපාලනයට පිවිසෙන බව පසුගියදා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *