මෙරට අධ්‍යාපනයේ ‘වෙනස ඇති වුණේ’ ප්‍රතිපත්තිමය තීන්දු නිසායි

(කොළඹ, ලංකාපුවත්) –2015 වසරේ සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන් මගින් සාර්ථක ප්‍රථිපල රැසක් අත්ව ඇති බව අධ්‍යාපනඥයින් පෙන්වා දෙනවා.

ඔහුන් පෙන්වා දෙන්නේ එහිදී අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශය ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දු රැසක් පාසැල් දරු දැරියන්ගේ අනාගතය සඳහා යහපත් ලෙස බලපෑ බවයි.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන පසුගිය කාලයේ ක්‍රියාත්මකවූ වැදගත්ම ව්‍යාපෘතියක් වනවා.ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉතිහාසයේ ප්‍රථම වරව පාසල් 9,500 ක් එකවර සියලු පහසුකම් සහිතව සහිතව සංවර්ධනය කිරීමට පියවර ගනු ලැබුවා.

ග්‍රාමීය සහ කලාපීය පාසල් වල ගුරු නිවාස හා ගුරු විවේකාගාරවල යටිතල පහසුකම් ඇති කිරීම සදහා රුපියල් මිලියන 2,000 ක් ලබාදීම,සියලුම පාසල්වල ජල හා සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට රු.මි. 3,723ක් ලබාදීම ,සියලුම පාසල්වල වැසිකිලි පහසුකම් ලබාදීම සදහා රු.මි. 276ක් ලබාදීම ,සියලු පාසල්වලට විදුලි පහසුකම් ලබාදීමට රු.මි. 2,000ක් ලබාදීම,ප්‍රාථමික පාසල් 3,577 ක අත්‍යවශ්‍ය සුලු අලුත්වැඩියා සදහා රු.මි. 1,788ක් ලබා දීම,ප්‍රාථමික පාසල් 3,577 ක දෙමහල් හා තනි මහල් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ඉදිකිරීම රු.මි. 6,264 ක් ලබා දීම,ප්‍රාථමික පාසල් 3,577 ක සදහා භාණ්ඩ හා සේවා වෙනුවෙන් රු.මි. 1,947 ක් ලබා දීම,ද්විතීයික පාසල් 1,000 ක සෞන්දර්ය ඒකක, පන්ති කාමර හා අනෙකුත් පන්ති කාමර ඉඩ පහසුක
ම් අදියර 1 හා 2, ගුරු නිවාස, විදුහල්පති නිවාස ඉදිකිරීම සදහා රු.මි. 7,971 ක් ලබා දීම,ද්විතීයික පාසල් 1,000 ක අත්‍යවශ්‍ය සුලු අලුත්වැඩියා සදහා රු.මි. 3,665 ක් ලබා දීම,ද්විතීයික පාසල් 1,000 ක මහා පරිමාණ අළුත්වැඩියා සදහා රු.මි.2,753 ක් ලබා දීම,ද්විතීයික පාසල් 1,000 ක භාණ්ඩ හා සේවා සැපයීම/විදුලි බිල්පත් ගෙවීම්/ නඩත්තු හා උපකරණ වෙනුවෙන් රු.මි. 610 ක් ලබා දීම,පාසල් 1,360 ක ආපනශාලා, අත්‍යවශ්‍ය සුලු අලුත්වැඩියා, විද්‍යාගාර, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, ක්‍රීඩා සංකීර්ණ, තාක්ෂණික ගොඩනැගිලි, භාණ්ඩ හා සේවා සැපයීම, පුහුණු කටයුතු වෙනුවෙන් රු.මි. 30,000 ක් ලබා දීම,දන්ත වෛද්‍ය පහසුකම් අලුතින් ඇති කිරීම සදහා රු.මි. 110ක් ලබා දීම,දන්ත වෛද්‍ය පහසුකම් නවීකරණ කටයුතු සදහා රු.මි. 140ක් ලබා දීම ඒ හා සමගාමිව සිදු කෙරුණා.

අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දු හේතුවෙන් අධ්‍යාපනය නව මගකට යොමුවූ බවට සැළකෙන අතර වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය අනිවාර්ය කිරීම සහ නවීන ලෝකයට උචිත පරිදි රැකියා අභිමුඛ නව විෂය මාලා 26 ක් හඳුන්වාදීම එහිදී මුල් තැන ගෙන තිබෙනවා.
එම විෂය මාලා පහතින් දැක්වෙනවා.

1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය (Child Psychology and care)
2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය (Health and Social Care)
3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා (Physical Education ad Sports)
4. ප්‍රාසාංගික කලාව (Performing Arts)
5. කාර්යසිද්ධි කළමණාකරණය (Event Management)
6. ශිල්ප කලා (Arts and Crafts)
7. අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)
8. විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)
9. ග්‍රැ‍ෆික් නිර්මාණකරණය (Graphic Designing)
10. කලාව හා පිරිසැලසුම්කරණය (Art and Designing)
11. භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)
12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)
13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)
14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Food Processing Studies)
15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය (Aquatic Resource Studies)
16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)
17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය (Construction Studies)
18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය (Automobile Studies)
19. විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)
20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය (Textile and Apparel Studies)
21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Metal Fabrication Studies)
22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)
23. මෘදුකාංග සංවර්ධනය (Software Development)
24. වෙබ් නිර්මාණකරණය (Web Development)
25. සංචරණය හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality)
26. පාරිසරික අධ්‍යයනය (Environmental Studies

මේ අතර සුහුරු පන්ති කාමර smart class room ආරම්භ කිරීම,ගුරු උපදේශක සේවය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම,ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවාගැනීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනීම,වංචා දූෂණ වලින් තොරව රජයට ඉතිරියක් ලැබෙන පරිදි නිල ඇඳුම් වෙනුවට නිල ඇඳුම් වවුචර ක්‍රමය හඳුන්වා දීම,පාසල් දරුවා සහ සොබාදහම අතර සුසංයෝගයක් ඇති කිරීම සඳහා පාසල් පරිශ්‍ර සියල්ල පරිසර හිතකාමී සැලසුමකට අනුව ඇතිකිරීම,පාසල් 3200 කට පාසල් පුස්තකාල පොත් ලබා දීම සඳහා රුපියල් මිලියන 700 ක් ලබා දීම වැනි ව්‍යාපෘති ද වනවා.

රජයේ සියලුම පාසල්, පිරිවෙන්, පෞද්ගලික, ජාත්‍යන්තර ආදී සියලුම පාසල් සිසුවකුට ම ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් ලබා දීම නිදහස් අධ්‍යාපනයෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසයි සැළකෙන්නේ.

සුරක්ෂා සිසුරක්ෂණාවරණය යටතේ අවුරුදු 5-19 වයස් සීමාවේ සිටින මිලියන 4.5ක් වූ සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් හා ජාත්‍යන්තර පාසල්වල සිසුන් සඳහා ප්‍රතිලාභ හිමිවනවා.

බාහිර ප්‍රතිකාර සඳහා රු. 10,000.00,රෝහල්ගත වීමකදී රු. 100,000.00 දක්වා,පාසල් දරුවකුගේ හදිසි මරණයකදී රු. 100,000.00 දක්වා,සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයක දී දරුවකුට රු. 75,000.00 දක්වා,දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රු. 100,000.00 දක්වා,අර්ධ ආබාධිත තත්ත්වයකදී රු. 50,000.00 සිට රු. 100,000.00 දක්වා මෙහිදී ප්‍රතිලාභ පිරිනැමෙනවා.

එමෙන්ම නව නිපැයුම්, සෞන්දර්යය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා විශේෂ කාණ්ඩවල සිසුන් 1000 කට රු. 50,000 ක් බැගින් ශිෂ්‍යත්ව ලබා දීම ද පසුගිය කාලයේ සිදු වුණා.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2015 වසරේ සිට බඳවාගැනීම් සහ දීමනා සම්බන්ධයෙන් ද විදිමත් පියවර රැසක් ගනු ලැබූ බවයි අධ්‍යාපනඥයින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ බඳවාගැනීම් සඳහා වන තරග විභාග පවත්වා පුරප්පාඩු 620 ක් සම්පූර්ණ කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම,
පාසල් පද්ධතිය සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට වසර දහයකින් විභාග පවත්වා නොතිබූ අතර එම විභාගය පවත්වා විභාගය ඉහළින්ම සමත් 3901 දෙනෙකු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියට බඳවාගැනීම,ජාතික පාසල් සඳහා ගුරු පත්වීම් 2015 වර්ෂයේ දී 1151 ක් ලබාදීම,පළාත් පාසල් සඳහා 2015 වර්ෂයේ ගුරු පත්වීම් 4715ක් ලබා දීම,2016 වර්ෂයේ ජාතික පාසල් සඳහා ගුරු පත්වීම් 2269 ක් ලබා දීම,2016 වර්ෂයේ පළාත් පාසල් සඳහා ගුරු පත්වීම් 2480 ලබා දීම,වතු පාසල් සඳහා අවශ්‍යතාවය අනුව ගුරු සහයකයින් බදවාගැනීම,උතුරු නැගෙනහිර පළාත්වල ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන් 1,732 ක් සුදුසුකම් මත ගුරු සේවයට එක් කිරීම,අධ්‍යාපන විද්‍යාපීඨ වෙනුවෙන් බදවාගන්නා ගුරු ශිෂ්‍ය ප්‍රමාණය මෙතෙක් පැවති 3500 සීමාවේ සිට 5000 කට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි කිරීම ,නව විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව විදුහල්පතිවරුන් 12,000 කට අධික ප්‍රමාණයක් අන්තර්ග්‍රහණය කිරීමට කටයුතු යෙදීම,ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 ශ්‍රේණියට හා 1 ශ්‍රේණියට උසස්වීම් ලබාදීමට කටයුතු යෙදීම,විදුහල්පතිවරුන් සඳහා වන දීමනාව රු300 – 750 සිට 2,500 – 6,500 දක්වා වැඩි කිරීම,අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභී සිසුන්ගේ දීමනාව රු. 3,500 සිට 5,000 දක්වා වැඩි කිරීම,දේශපාලන පළිගැනීම්වලට ලක් වූ විදුහල්පතිවරුන් සඳහා වැටුප් වර්ධක ලබාදීම සහ වතු පාසල් හා ධර්මාචාර්ය ගුරු සහායක දීමනාව රු. 6,000 සිට 10,000 දක්වා වැඩි කිරීම ඒ අතර වනවා.

යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් නගා සිටුවීම සම්බන්ධයෙන් ද පසුගිය කාලයේදී වැදගත් පියවර රැසක් ගෙන තිබෙනවා.

ගුරු අධයාපන විද්‍යාපීඨවල නේවාසිකාගාර දේශන ශාලා සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම,ගුරු පුහුණු මධ්‍යස්ථාන 39 ක් සියලු පහසුකම්වලින් සමන්විතව සම්පත් මධ්‍යස්ථාන ලෙස කලාප මට්ටමින් ඇති කිරීම,වතු පාසල් නගාසිටුවීම යටතේ වතු පාසල් 25 ක් ද්විතියික පාසල් බවට පත්කිරීමේදී අවශ්‍ය නව ඉදිකිරීම් වෙනුවෙන් රු.මි. 102 ක් ලබා දීම,වතු පාසල් නගාසිටුවීම යටතේ වතු පාසල් 25 ක් ද්විතියික පාසල් බවට පත්කිරීමේදී අවශ්‍ය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් රු.මි. 35ක් ලබා දීම,වතු පාසල් නගාසිටුවීම යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා රු.මි. 112 ක් ලබා දීම,විද්‍යාගාර පහසුකම් නැති පාසල් 3,000 ක් සදහා ජංගම විද්‍යා කට්ටල ලබාදීම රු.මි. 450 ක් ලබා දීම,ඉ – තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් බිහිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රු.මි. 4,714 ක් වෙන් කිරීම යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් නගා සිටුවීම සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කිහිපයක්.

මානව සම්පත් සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි පසුගිය කාලයේදී කටයුතු කරනු ලැබුවා.

ජාතික පාසල් විදුහල්පතිවරුන් 400 කට අධික පිරිසක් සඳහා නූතන අධ්‍යාපන නායකත්වය සහ කළමනාකරණය පිළිබඳ පුහුණුව (තායිලන්තය හා මැලේසියාව),ප්‍රධාන ගණකාධිවරුන් 09 දෙනෙකු සඳහා ධාරිතා සංවර්ධන පුහුණුව(අයර්ලන්තය),සැලසුම් නිලධාරීන් 90 දෙනෙකු සඳහා මුල්‍ය සැලසුම්කරණය හා ගුණාත්මක සංවර්ධනය පිළිබඳ පුහුණුව(ඉන්දියාව),සැලසුම් නිලධාරීන් 02 දෙනෙකු සඳහා අධ්‍යාපන සැලසුම්කරණය හා කළමනාකරණය පිළිබඳ උසස් පුහුණුව(ප්‍රංශය),ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියට බඳවාගැනීමේ තරග විභාගයෙන් සමත්වූ නවක විදුහල්පතිවරුන් 256 කට අධික පිරිසක් සඳහා නූතන අධ්‍යාපන නායකත්වය සහ කළමනාකරණය පිළිබඳ පුහුණුව(මැලේසියාව සහ චීනය),කළමනාකරණ හා ගුණාත්මක සංවර්ධන අංශයන්හි නියමිත නිලධාරීන් සඳහා කෙටි කාලීන වෘත්තීය සංවර්ධන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය සංවර්ධනය සඳහා දැනුවත් කිරීම්/පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා රු.මි. 160 ක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,කෘෂි කර්මය විෂයය ප්‍රචලිත කිරීම සඳහා දැනුවත් කිරීම්/පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා රු.මි. 15 ක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රු.මි. 6 ක ප්‍රතිපාදන යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය මානව සම්පත් සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සිදු කළ වැඩසටහන් කිහිපයක් වනවා.

පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි වැඩසටහන් රැසක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර තිබෙනවා.

පිරිවෙන් පුස්තකාල සඳහා රු.මි. 5 ක පොත් ලබාදීම,පිරිවෙන් කාර්යාල උපකරණ සඳහා රු.මි. 5 ක ලබා දීම,පරිවේණාචාර්ය පත්වීම් 600ක් ලබා දීම,පරිවේණාධිපති කාර්යාල සෑදීම සඳහා රු.මි. 70 ක ප්‍රතිපාදන ලබාදීම,එක පිරිවෙනකට රු. 260,000 බැගින් පිරිවෙන් 485 ක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට රු.මි. 200 ක් ලබාදීම,එක් පිරිවෙනකට රුපියල් ලක්ෂ 9 ක් වටිනා සනීපාරක්ෂක පහසුකම් පිරිවෙන් 100 ක් සඳහා ලබා දීම ,පිරිවෙන් සඳහා ගණිත උපකරණ කට්ටල ලබා දීම සහ පිරිවෙන් වල ඉගෙනුම ලබන සියලුම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ඉගෙනුම් කටයුතු සංවර්ධනය කරගැනීම සඳහා මිලියන 150ක් ලබා දීමට පියවර ගැනීම ඒ අතරින් කිහිපයක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *