දූෂණ මැඩලීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව දූෂණ මැඩලීම සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සදහන් කරයි.

දූෂණ සංජානන දර්ශකයට අනුව ඔවුන් මේ බව පැහිදිලි කරනු ලැබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර දූෂණ විරෝධී ව්‍යාපාරය මගින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය පසුගියදා එළිදැක්වන ලදි. ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ කරුණු හෙළිකෙරුණි.

අදාළ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183 ක් අතරින් 91 වන ස්ථානයට පැමිණ තිබේ. ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 38 කි. 2016 වසරේ දී ශ්‍රී ලංකාව 95 වන ස්ථානයට පත්ව සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව දූෂණ මැඩලීම අතින් 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව එම දර්ශකය මගින් පෙන්වා දෙනු ලැබේ.

පසුගිය වසර තුළ දූෂණයට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම , නීතියේ ආධිපත්‍ය ශක්තිමත්වීම මෙම ප්‍රතිඵලවලට හේතුවන්නට ඇතැයි විග්‍රහකෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් දූෂණය මැඩලීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය.

මෙම දර්ශකයේ පළමු ස්ථානය නවසීලන්තය ලබාගෙන ඇත. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 89 කි. මෙහි අවසාන ස්ථානයට පත්ව ඇත්තේ සෝමාලියාවය. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *