මහජන බැංකුවේ ATM යන්ත‍්‍රයක් මීගමුව දුම්රිය ස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – මහජන බැංකුවේ ස්වයං ටෙලර් යන්ත‍්‍රයක් මීගමුව දුම්රිය ස්ථානයේදි විවෘත කිරිම පසුගියදා සිදුකෙරිණි .

මෙම ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍රය තුළින් දුම්රිය මඟීන්ට මෙන්ම ප‍්‍රදේශවාසින්ටද වසරේ දින 365ම, සතියේ දින හත පුරා, දිනයේ පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම සලසා ඇත.

දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හිදි සිදුකරගැනීමට අවස්ථාව උදාකරමින් මහජන බැංකුව ප‍්‍රවාහන අමාත්‍යංශය හා එක්ව මෙම වැඩපිළිවෙල දියත් කරන ලදී. දුම්රිය ස්ථාන දර්ශනීය අලංකාර, පොදු ජනතාවගේ සිත් ගන්නා තැනක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කර ඇති නවීකරණ වැඩපිළිවෙලට සහ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ කි‍්‍රයාවලියට සමගාමීව මෙය කි‍්‍රයාත්මක වේ.

මෙම අවස්ථාවට මීගමුව ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපති කේ. එස් ආනන්ද ප‍්‍රනාන්දු, මහජන බැංකුවේ ගම්පහ ප‍්‍රාදේශිය කළමනාකාර වසන්ත රත්නායක, මීගමුව ශාඛා කළමනාකාර ජේ. ඞී. ආර් ඥානතිලක යන මහත්වරුන් ඇතු`ඵ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *