සමූපකාර ක්‍ෂේත්‍රයේ ගැටලු ඉදිරි මාස 03 තුළ විසඳීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – සමූපකාර ක්‍ෂේත්‍රයට සම්බන්ධව සේවකයින්ගේ සහ සංවිධානවල දැනට පවතින ගැටලු ගැනත්, ඉදිරිපත් කළ අදහස් යෝජනා ගැනත්,අවධානය යොමු කර,ඉදිරි මාස 03 තුළ දී එකී ගැටලු විසඳා දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති සමූපකාර ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සංවිධාන සමඟ පැවති සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ සංවිධාන 14 ක් පමණ මෙම සාකච්ඡාවට සම්බන්ධ විය. ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම රජය යටතේ අමාත්‍යවරයාව සෘජු ලෙස මුණ ගැසෙන්නේ ප්‍රථමවතාවටය. මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරාධනය පරිදි සමූපකාර සංවිධානයන්හි නියෝජිතයින් තමන් මුහුණ පා සිටින ගැටලු එකිනෙක අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *