ග්‍රාමීය විහාරස්ථාන ආරක්ෂා කිරීමට සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රාමීය විහාරස්ථාන ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

ගාල්ල, උඩුගම ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරයා බව පැවසීය.

ගාල්ල, උඩුගම ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් මංගල හස්තියා මත කරඩුව තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. තිස් දෙවන වරටයි මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වුණි. විහාරස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ද මිට සමගාමීව සිදු කෙරුණි.

එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

” ගමේ විහාරස්ථානය වැදගත් …ගමේ විහාරස්ථානය ආරක්ෂා කරන්න බැරි නම් ශාසනය ආරක්ෂා කරන්න බැරි වෙනවා..එක කොටසක වගකීම තියනවා ජනතාවට ,රජයටත් තියෙනවා රජයක් හැටියට අපි දැන් ක්‍රියා කරගෙන යන්නේ මෙවැනි විහාරස්ථාන ආරක්ෂා කරන්න ,උත්සව වලට පැමිණෙන්න..මෙවැනි විහාරස්ථාන වලට ප්‍රසිද්ධියක් ලබලා දෙන්න ..සමහර පන්සල් වලට අවුරුදු 200ක විතර ඉතිහාසයක් තියනවා…වර්තමානයේදී මේ ප්‍රදේශවල ආර්ථිකය දියුණු වුණාම ,අලුතෙන් ආරම්භ කරපු විහාරස්ථානත් තියනවා..උතුරු මැද ප්‍රදේශයේ එහෙම විහාරස්ථාන ගෙනියන්න හරි අමාරුයි..මේවයි පහසුකම් නෑ … අන්න ඒ විහාරස්ථාන වලටත් විශේෂ අවධානයක් යොමු කරන්න අදාළ අමාත්‍යාංශ කීපයකින්ම ක්‍රියා කරගෙන යනවා..”

ගිංගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා.

” ගිං ගඟ ව්‍යාපෘතිය ගැන අපි දැන් යෝජනා දෙකක් සාකච්ඡා කරගෙන යනවා …ඔක්කොම දීර්ඝකාලීන ඒවා..අපි යෝජනා කෙරුවට පස්සේ අපිට සිදුවෙනවා ඒ පිළිබඳව පරිසර වාර්තා ලබා ගන්න …ඒ වැඩකටයුත්ත කරනකන් සිදුවෙනවා…ගංවතුර සඳහා සහන ලබා දෙන්න කෙටි කාලින ගන්න පුලුවන් හැම පියවරක්ම අරගන්නවා ..හැමවෙලේම දිස්ත්‍රික් සංවර්ධනය සැළැස්මක් ඇති කරාම වාසි වෙනවා ගාල්ලට, මාතරට වාසිවෙනවා රත්නපුරට කවදාවත් කිසිදවසක හිමිදුමටවත් දෙනියායටවත් ,රක්වානටවත් ,කලවානටවත් එන්නෑ ඒ නිසා කොන් වුණ ආසන වෙනුවෙන් දියුණු කරන කොට බෞද්ධ ජනතාව ඉන්න ප්‍රදේශය 90% විතර ඒ විහාරස්ථාන වලට ඒ වගේම උපකාරයක් ලැබෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා..”

විහාරාධිකාරී පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වාමීන් වහන්සේ, අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *