සුපිරි තරුවක් වීම පහසු ක්‍රියාවක් නොවෙයි – සල්මන් ඛාන්

(කොළඹ, ලංකාපුවත්) – සිනමාව තුළ සුපිරි තරුවක් බවට පත්වීම පහසු ක්‍රියාවක් නොවූ බව සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සදහන් කර ඇත.

52 හැවිරිදි සල්මන් ඛාන් මෙම අදහස් පළ කළේ, TiE ගෝලීය සමුළුව අමතමිනි.

ඔහු පවසන්නේ, සිය ජීවිතයේ කටුක අත්දැකීම් ලද නමුත් තම වෘත්තීයේ ස්වරූපය හමුවේ එම අත්දැකීම් ලෝක සමග බෙදා ගැනීමට නොහැකි බවය.

එබැවින් මිනිසුන් බොහෝ විට අත්විඳින්නේ විනෝදකාමී සැහැල්ලුවෙන් දිවිගෙවන පුද්ගලයෙකු ලෙස තමා පෙන්වන ප්‍රතිරූපය පමණක් බව ද සල්මන් ඛාන් වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *