“තාරේ සමීන් පර්“ දරුවා දැන්

(කොළඹ, ලංකාපුවත්) –ඉහත සදහන් පින්තූරයේ දකුණු පැත්තේ ඉන්න කොළු ගැටයා ගැන අමුතුවෙන් සදහන් කිරීමට අවශ්‍ය නැත. හින්දි සිනමාව ප්‍රිය කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන කොළු ගැටයෙක් ලෙස ඔහුව හැදින්විය හැකිය.

“තාරේ සමීන් පර්“ චිත්‍රපටය නරඹපු ඕනෑම අයෙක්ට මේ කොලුවට සෑහෙන්න ආදරේ කරන්න ඇති.මේ පුංචි කොල්ලා “ඉෂාන්“ ගේ චරිතය රඟපෑ “තාරේ සමීන් පර්“ චිත්‍රපටය නිර්මාණය වූයේ 2007 වසරේ දීය.

එතකොට කවුද මේ වම් පැත්තේ ඉන්න ඇහැට කනට පේන කඩවසම් ඉළංදාරියා. හිතාගන්න පුළුවන්ද ? මේ ඉන්නේ වෙන කවුරුත් නෙවේ. ඔය දකුණු පැත්තේ ඉන්න කොළුගැටයාම තමයි.

ඒ වර්ථමානයේ ඔහුගේ ස්වරූපය. 1997 උපන් මේ ඉළංදාරියාගේ දැන් වයස අවුරුදු 21කි. කවුරුත් ආදරේට ඉෂාන් කිවුවට මොහුගේ සැබෑ නම නම් ධර්ශීල් සෆාරි.

ඔහු 2007 වසරේ සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබුනේ, ඔහුගේ වෘත්තීය සැලසුම්වලට ගායනය, නර්තනය, ව්‍යාපාරිකයකු හෝ ස්වර්ණාභරණ නිර්මාණකරුවෙකු බවට පත්විය හැකි බවය.

කෙසේ නමුත් මේවන විට ඔහු චිත්‍රපට හතරකත්, රූපවාහිනී නාට්‍ය මාලා 04කටත් දායක වී ඇත. ඔහු අවසන් වරට 2016 වසරේ දී Yeh Hai Aashiqui – Sun Yaar Try Maar නැමැති ටෙලි කතාමාලවට දායක වී ති‍බේ.

(තොරතුරු – හසිත හේරත් විසිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + two =