බස් රථ අනතුරකින් 40කට වැඩි පිරිසකට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – තෙරිපැහැ පොලිස් වසමේ අඹන්වැල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ 40 කට අධික පිරිසක් රෝහල් ගත කොට තිබේ.

අඹන්වැල්ල ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 43 දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සදහා නිල්දණ්ඩාහින්න රෝහලට ඇතුලත් කර ඇත.

ඉන් 20 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය රෝහලට මාරුකර යවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තෙරිපැහැ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + one =