ශ්‍රීදේවි මරණ වාර්තාව අලුත් මගකට

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රකට ඉන්දීය නිළි ශ්‍රීදේවි කපූර්ගේ මරණයට හේතුව ඇය සිටි හෝටලයේ නානකාමරයේදී සිදු වූ අනතුරකින් පසු දියේ ගිලීම බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මීට පෙර ඇය හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත් වූ බවට වාර්තා පළ විය.

කෙසේවෙතත් ඇයගේ ශරීරයේ සුළු වශයෙන් මධ්‍යසාර අඩංගුවී ඇති බව මූලික පරික්‍ෂණවලදී හෙළි වූ බව ඩුබායි පොලීසිය සදහන් කර තිබේ

ඊයේ(26) දින ඇයගේ මරණ පරික්‍ෂණය සිදුකෙරුණු අතර එහි වාර්තාව පවුලේ සාමාජිකයින් හා ඉන්දීය කොන්සල් ජනරාල්වරයා වෙත ලබා දී ඇත. මේ පිළිබඳ තවමත් පරික්‍ෂණ සිදුකෙරෙන අතර ගල්ෆ් පුවත් සේවය වාර්තා කරන පරිදි දියේ ගිලීම පිළිබඳ සටහන්ව ඇත්තේ අධිකරණ වාර්තාවේ පමණක් බව සඳහන් වේ.

ඒ අනුව තවත් වාර්තාවක් ගැනීමට සිදුවීම නිසා දේහය ඉන්දියාවට යැවීමට කල්ගත වනු ඇති බව පැවසේ.

පනස් හතර හැවිරිදි ශ්‍රීදේවි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ඥාතියකුගේ මංගල උත්සවයක් සදහා සහභාගී වූ අවස්ථාවක මරණයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 6 =