(කොළඹ, ලංකාපුවත්) – ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම හා පාකිස්තාන කාන්තා ක්රිකට් කණ්ඩායම අතර එක්දින හා පන්දුවාර 20-20 තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනු ලැබේ.
මේ අනුව ලබන මාර්තු මාසයේදි මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතය.
මෙහිදි එක්දින තරග 3ක් හා පන්දුවාර 20-20 තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
එක්දින තරග 3 මාර්තු 20,22 හා 24 යන දිනවලදී දඹුල්ල ක්රීඩාංගණයේ පැවැත්වෙන අතර පන්දුවාර 20-20 තරග 3 28,30 හා 31 යන දිනවලදී කොළඹදී පැවැත්වීමට නියමිතය.