සෞදි අරාබියේ හමුදා ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් තනතුරුවලින් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබියේ හමුදා ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

මේ අනුව සල්මාන් රජු, පාබල සහ ගුවන් හමුදා අංශවල ප්‍රධානීන් ද ඉවත් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය මඟින් මෙම පුවත හෙළි කළ ද ඊට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

යේමනයේ කැරළිකරුවන්ට එරෙහිව සටන් වදින සෞදි යුද සන්ධානය ඊට සම්බන්ධ වී වසර තුනක් ගතවන අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

මෑත කාලීනව ගනු ලැබූ ආන්දෝලනාත්මක තීරණ පසුපස සෞදියේ ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිටින බවට විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =