කොත්මලේ ජලාශයේ සැඟවුණු විහාරස්ථන මතුවේ

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමග එම ජලාශය ඉදිකිරිමේදි යටවු විහාරස්ථානවල නටඹුන් දැක ගැනිම සදහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට විශාල පිරිස් දින පතා කොත්මලේ කඩදොර ප‍්‍රදේශයට පැමිණෙමින් සිටී.

1979 වසරේ කොත්මලේ ජලාශය ඉදිකිරිමේදි එම ජලාශයට කඩදොර ශ්‍රීපියබිමිබාරාමය, තිස්පනේ විහාරය, මොරපේ විහාරය, මැදගොඩ දේවාලය ඇතුලූ ආගමික ස්ථාන රැසක් ජලාශයට යටවිය.

මේ දිනවල ජලාශයේ ජල මටිටම අඩුවිමත් සමගම කොත්මලේ කඩදොර ප‍්‍රදේශයෙන් යටවු කඩදොර ශ්‍රිපියබිමිබාරාම විහාරස්ථානය මතුව ඇත. එහි මතුවී ඇති බුද්ධ ප‍්‍රතිමාවහන්සේට පුද පුජා පැවැත්විමට හා එය දැක බලා ගැනිමට විශාල පිරිසක් මේ දිනවල පැමිණෙමින් සිටි.

මෙම ජලාශය ඉදිකිරිමේදි යටවු ආගමික හා පුජනීය ස්ථාන සිහිකිරිම පිණිස කොත්මලේ මහා සෑය ඉදිකර ඉදි කෙරුණි.

මේ අතර කොත්මලේ ජලාශ වේල්ලේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ල හරහා වාහන ධාවනය කිරිම හා ජලාශය වේල්ල නැරඹිම ලබන 01වන දින දක්වා තාවකාලිකව නතර කිරිමට මහවැලි සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *