“ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017” ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන “ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් 08 දනෙකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මේ අතර දේශීය කොන්ත‍්‍රාත්කරුවන් විසින් විදේශීය ව්‍යාපෘති ඉදිකිරීම දිරිගැන්වීම සහ ඇගයීම සඳහා මෙවර එක් කරන ලද නව සම්මාන 03 ක් මෙහිදී ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සඳහා වන පාරිසරික මාර්ගෝපදේශන සංග‍්‍රහය ද මෙහිදී නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.

නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අබේරත්න, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ආර්. ජෙයචන්ද්‍රන්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වාස්තු විද්‍යාඥ එච්. කේ. බාලචන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *